ඊජිප්තුවෙහි දහඅටවන රාජවංශය
ඊජිප්තුවේ දහඅටවන රාජවංශය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 1549/1550–ක්‍රි.පූ. 1292 | |||||||||||
ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ | |||||||||||
අගනුවර | තීබ්ස්, අමර්ණ | ||||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||||
රජය | පරම රාජාණ්ඩුව | ||||||||||
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය | ||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 1549/1550 | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 1292 | ||||||||||
|
පුරාතන ඊජිප්තුවෙහි රාජවංශ | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සියලු වර්ෂ (දකුණුපස තීරුවේ) ක්‍රි.පූ. වලිනි | ||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
|
||||||||||||||||||
පුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශය (රාජවංශය XVIII)[1] (ක්‍රි.පූ. 1543–1292 පමණ) යනු වඩාත් ප්‍රකටම පුරාතන ඊජිප්තු රාජවංශයයි. මෙම රාජවංශය ඊජිප්කුවේ ප්‍රසිද්ධම පාරාවෝවරුන්ගෙන් සමන්විත වේ. ඒ අතරට 1922 දී හොවාඩ් කාටර් විසින් සොහොන්ගැබ සොයාගනු ලැබූ තුතන්ඛාමුන් ද අයත් වේ. මෙම රාජවංශය තුත්මෝසිස් (ඉංග්‍රීසි:තොත් ඔහුව දරාසිටියේ ය) නැමැති පාරාවෝවරුන් සිව්දෙනකු විසින් රජකම් කළ නිසා තුත්මෝසීය රාජවංශය ලෙස ද හඳුන්වයි.
XVIIIවන රාජවංශයේ රාජ්‍ය විචාළ ප්‍රකට පාරාවෝවරුන් අතර, දේශීය රාජවංශයක වැඩිම කාලයක් රජකම් කළ පාරාවෝවරිය වූ හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1479–1458 පමණ), සහ "අන්‍යලබ්ධික පාරාවෝ" අක්නාටෙන් (ක්‍රි.පූ. 1353–1336 පමණ) සහ ඔහුගේ රැජින වූ, නෙෆර්ටිටි ද වේ.
රාජවංශය XVIII, ඊජිප්තු නව රාජධානියේ බිහි වූ රාජවංශ ත්‍රිත්වය අතරින් පළමුවැන්න ද වේ. මෙකල ඊජිප්තුව බලය අතින් එහි උච්චස්ථානයට පත් විය.
කාලනිර්ණය
[සංස්කරණය]විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව XVIIIවන රාජවංශය ඇරඹී ඇත්තේ දැනට පිළිගැනෙන දිනය වන ක්‍රි.පූ. 1550ට වර්ෂ කිහිපයකට පෙරයි. විකිරණශීලී කාබන් දිනැයුම අනුව මෙහි ඇරඹුම ක්‍රි.පූ. 1570–1544 අතරට අයත් වන අතර, මෙහි මධ්‍යනය වර්ෂය ක්‍රි.පූ. 1557 ලෙස ගැනේ.[2]
XVIIIවන රාජවංශයේ පාරාවෝවරු
[සංස්කරණය]XVIIIවන රාජවංශයේ පාරාවෝවරුන් ආසන්න වශයෙන් වසර දෙසිය පනහක් පමණ (ක්‍රි.පූ. 1550–1298 පමණ) රාජ්‍ය පාලනය කර ඇත. පහත වගුවේ දැක්වෙන කාලයන් සහ නාමයන් ඩොඩ්සන් සහ හිල්ටන්ගෙන් උපුටා ගැනුණකි.[3] බොහොමයක් පාරාවෝවරුන් මළ පසු ඔවුන් තීබ්ස්හි රජුන්ගේ නිම්නයේ (KV ලෙස අංකිත) භූමදාන කොට ඇත. මෙහි සවිස්තරාත්මක තොරතුරු තීබන් සිතියම්කරණ ව්‍යාපෘති වෙබ් අඩවියෙන් ලබාගත හැක.[4] නව රාජධානි සමයේ දී සිදු වූ රාජතාන්ත්‍රික විවාහයන් කිහිපයක් පිළිබඳ වාර්තා වේ. කීලාක්ෂර ලේඛනවල පමණක් සඳහන් වන මෙම තොරතුරු වෙනත් මූලාශ්‍රවල හමු නොවේ. මෙම විවාහ රාජ්‍යයන් අතර යහපත් සබඳතා පවත්වා ගැනීමේ ක්‍රමයක් ලෙස සැලකේ.[5]
පාරාවෝවරයා | සිහසුන් නාමය | රාජ්‍ය සමය (ක්‍රි.පූ.) | භූමදානය | වල්ලභ(යන්) |
---|---|---|---|---|
Iවන අහ්මෝස් | නෙබ්පෙහ්ටිරේ | ක්‍රි.පූ. 1549–1524 | අහ්මෝස්-නෙෆටාරි අහ්මෝස්-හෙනුට්ටමෙහු අහ්මෝස්-සිට්කාමෝස් | |
Iවන අමෙන්හොටෙප් | ඩ්ජෙසර්කරේ | ක්‍රි.පූ. 1524–1503 | KV39? හෝ ANB සොහොන්ගැබ? | අහ්මෝස්-මෙරිටාමොන් |
Iවන තුත්මෝස් | අන්ඛෙපර්කරේ | ක්‍රි.පූ. 1503–1493 | KV20, KV38 | අහ්මෝස් මුට්නොෆ්‍රෙට් |
IIවන තුත්මෝස් | අඛෙපෙරෙන්රේ | ක්‍රි.පූ. 1493–1479 | KV42? | හට්ෂෙප්සුට් ඉසෙට් |
හට්ෂෙප්සුට් | මාට්කාරේ | ක්‍රි.පූ. 1479–1458 | KV20 | IIවන තුත්මෝස් |
IIIවන තුත්මෝස් | මෙන්ඛෙපෙර්(එන්)රෙ | ක්‍රි.පූ. 1479–1425 | KV34 | සාටියාහ් මෙරිට්‍රේ-හට්ෂෙප්සුට් නෙබ්ටු මෙන්හෙට්, මෙන්වි සහ මෙර්ටි |
IIවන අමෙන්හොටෙප් | අඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1425–1398 | KV35 | ටියා |
IVවන තුත්මෝස් | මෙන්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1398–1388 | KV43 | නෙෆටාරි ඉයාරෙට් මුටෙම්වියා මිටානිහි පළමුවන අර්ටටාමාගේ දියණිය |
IIIවන අමෙන්හොටෙප් | නෙබ්මාර්ට්‍රේ | ක්‍රි.පූ. 1388–1350 | KV22 | ටියේ මිටානිහි ගිලුඛිපා මිටානිහි ටඩුක්හිපා සිටාමුන් ඉසෙට් බැබිලෝනියාවේ Iවන කුරිගල්සුගේ දියණිය.[5] බැබිලෝනියාවේ කදාෂ්මන්-එන්ලිල්ගේ දියණිය.[5] අර්සාවාහි ටාර්හුන්ඩරාඩුගේ දියණිය.[5] ඇමියාහි පාලකයාගේ දියණිය[5] |
IVවන අමෙන්හොටෙප්/අක්නාටෙන් | නෙෆර්කෙෆෙරුරේ-වේන්රේ | ක්‍රි.පූ. 1351–1334 | අක්නාටෙන්ගේ රාජකීය සොහොන | නෙෆර්ටිටි කියා මිටානිහි ටඩුක්හිපා එනිසාසිහි පාලකයා වූ සාටියාගේ දියණිය [5] මෙරිටාටෙන්? මෙකෙටාටෙන්? අක්ඛෙසෙනමුන් බැබිලෝනියාවේ රජු වූ IIවන බුර්නා-බුරියාෂ්ගේ දියණිය[5] |
ස්මෙන්ඛ්කරේ | අන්ඛ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1335–1334 | මෙරිටාටෙන් | |
නෙෆර්නෙෆරුආටෙන් | අන්ඛ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1334–1332 | අක්නාටෙන්? ස්මෙන්ඛ්කරේ? | |
තුතන්ඛාමුන් | නෙබ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1332–1323 | KV62 | අන්ඛෙසෙනමුන් |
ආයි | ඛෙපර්ඛෙපරුරේ | ක්‍රි.පූ. 1323–1319 | KV23 | අන්ඛෙසෙනමුන් ටෙයි |
හොරෙම්හෙබ් | ඩ්ජෙසෙර්ඛෙපෙරුරේ-සෙටෙපෙන්රේ | ක්‍රි.පූ. 1319–1292 | KV57 | මුට්නෙජ්මෙට් අමේනියා |
මුල්කාලීන XVIIIවන රාජවංශය
[සංස්කරණය]XVIIIවන රාජවංශය පිහිටුවන ලද්දේ, Iවන අහ්මෝස් විසිනි. ඔහු XVIIවන රාජවංශයේ අවසාන පාලකයා වූ කාමොස්ගේ පුත්‍රයා හෝ සොහොයුරකු ලෙස සැලකේ. අහ්මෝස් හික්සොස් පාලකයින්ට එරෙහි යුධ ව්‍යාපාරය අවසන් කළේ ය. ඔහුගේ සමය දෙවන අන්තර්මධ්‍ය යුගයේ සහ නව රාජධානි යුගයේ ආරම්භය ලෙස සැලකේ. අහ්මෝස්ගෙන් පසු ඔහුගේ පුත් Iවන අමෙන්හොටෙප් සිහසුනට පත් වූ අතර, ඔහුගේ සමයේ එතරම් වැදගත් සිදුවීම් වාර්තා නොවේ.[6]
Iවන අමෙන්හොටෙප්ට ඔහුගෙන් පසු සිහසුනට පුරුෂ අනුප්‍රාප්තිකයකු නොවී ය. ඊළඟ පාරාවෝවරයා වූ Iවන තුත්මෝස් විවාහයක් මගින් රාජකීය පවුලට සම්බන්ධ වූවකු යැයි සිතිය හැක. ඔහුගේ රාජ්‍ය සමයේ දී ඊජිප්තු අධිරාජ්‍යයේ දේශ සීමා වඩා පුළුල් වූ අතර, එය උතුරින් යුප්‍රටීස්හි කර්චෙමිෂ් දක්වාත්, දකුණින් සිව්වන මහා ඇල්ලෙන් එහා කුර්ගුස් දක්වාත් ව්‍යාප්ත විය. Iවන තුත්මෝස්ගෙන් පසු IIවන තුත්මෝස් සහ ඔහුගේ බිරිය වූ හට්ෂෙප්සුට් රැජින රාජ්‍යත්වයට පත් විය. ඇය Iවන තුත්මෝස්ගේ දියණිය වූ අතර, ඇය සිට සැමියාගේ මරණින් පසු පාරාවෝවරිය බවට පත්ව සිය සුළුපුත්‍රයා ලාබාල අවධියේ වසර විස්සක් රාජ්‍ය විචාළා ය. ඇගේ සුළු පුත්‍රයා පසුව IIIවන තුත්මෝස් පාරාවෝවරයා බවට පත් විය.
IIIවන තුත්මෝස් මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම රණකාමී පාරාවෝවරයා ලෙස සැලකෙන අතර, ඔහු දිගු කාලයක් රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඔහු සිය මහලු සමයේ දී සිය පුතු වූ IIවන අමෙන්හොටෙප් සමග චෙවන සම-රාජ්‍යාධිකාරී පාලනයක් ගෙනගියේ ය. IIවන අමෙන්හොටෙප්ගෙන් පසු IVවන තුත්මෝස් ද, ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIIවන අමෙන්හොටෙප් ද රාජ්‍ය පාලනය සිදුකළේ ය. IIIවන අමෙන්හොටෙප්‍ගේ සමය මෙම රාජවංශයේ උච්චස්ථානය ලෙස සැලකෙයි. IIIවන අමෙන්හොටෙප් විශාල ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සිදුකළ අතර, ඒවා ප්‍රමාණය අතින් සැසඳිය හැක්කේ දහනවවන රාජවංශයේ IIවන රැම්සෙස් රජුගේ නිර්මාණ සමග පමණි.[7]
අක්නාටෙන්, අමර්ණ යුගය සහ තුතන්ඛාමුන්
[සංස්කරණය]IIIවන අමෙන්හොටෙප් වසර 12කට අධික කාලයක් ඔහුගේ පුතු වූ IVවන අමෙන්හොටෙප් (පසුකලෙක අක්නාටෙන් ලෙස සිය නාමය වෙනස් කරගත්) සමග හවුල් පාලනයක් ගෙනයන්නට ඇත. නමුත් මෙම යෝජිත හවුල් පාලනය පිළිබඳ නොයෙකුත් වාද විවාද ඇත. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ එය දීර්ඝ හවුල්-පාලන සමයක් බව වුවත්, සෙස්සෝ එය කෙටිකාලීන පාලනයක් බව පවසති. එසේම මෙවැනි හවුල් පාලනයක් එහි නොපැවති බව පවසන විද්වත්හු ද වෙති.
සිය පහලොස්වන රාජ්‍ය වර්ෂයේ දී IVවන අමෙන්හොටෙප් සිය නාමය අක්නාටෙන් ලෙස වෙනස් කරගත් අතර, සිය අගනුවර අමර්ණ වෙත ගෙනයන ලදී. අක්නාටෙන් රාජ්‍ය සමයේ ආටෙන්—හිරුමඬල—පළමුවරට ප්‍රමුඛ දෙවියා බවට පත් වූ අතර, ක්‍රමයෙන් ආටෙන් එකම දෙවියා ලෙස සැලකිණි.[8] මෙය සත්‍ය ඒක දේවවාදයක් බවට විද්වතුන් අතර වාදවිවාද ඇත. නමුත් ඇතැමුන් පවසන්නේ ඔහු විසින් ප්‍රමුඛ සූර්ය වන්දනාව ප්‍රචලිත කළ බවත්, ඔහු සෙසු සම්ප්‍රදායික දෙවිවරුන් ඇදහීම සම්පූර්ණයෙන් අත්නොහළ බවත් ය.
පසුකාලීන ඊජිප්තුවාසීන් මෙම අමර්ණ යුගය අවාසනාවන්ත මුලාවක් ලෙස හඳුන්වන ලදී. අක්නාටෙන්ගේ මරණින් පසු වූ සිදුවීම් පැහැදිළි නැත. ඉන්පසු රාජ්‍යත්වයට පත් වූයේ යැයි පැවසෙන ස්මෙන්ඛරේ සහ නෙෆර්නෙෆරුආටෙන් නැමැති තනි පුද්ගලයන් දෙදෙනා පිළිබඳ සොයාගෙන ඇති මුත්, ඉතිහාසයේ ඔවුනට හිමි ස්ථානය විවාදයට තුඩු දී ඇත. අනතුරුව තුතන්ඛාමුන් රාජ්‍යත්වයට පත් වූ නමුත්, ඔහු තරුණ වියේදී ම මියගියේ ය.[9]
ආයි සහ හොරෙම්හෙබ්
[සංස්කරණය]දහඅටවන රාජවංශයේ අවසාන පාලකයින් දෙදෙනා—ආයි සහ හොරෙම්හෙබ්—රාජමාලිගයේ නිලධාරීන් අතරින් ඉස්මතු වූවන් ය. ඇතැම්විට ආයි බලය ලබාගැනීමට තුතන්ඛාමුන්ගේ වැන්දඹුව විවාහ කරගන්නට ඇත. නමුත් ඇය වැඩිකලක් ජීවත් වී නැත. ආයිගේ පාලන සමය කෙටි ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ හොරෙම්හෙබ් තුතන්ඛාමුන්ගේ සෙන්පතියකු වූ අතර, දරුවන් නොමැති පාරවෝවරයා ඔහුව සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නට ඇත.[9] සමහරවිට කුමන්ත්‍රණයක් මගින් ආයිගෙන් සිහසුන පැහැරගන්නට ඇත. ඔහු ද දරුවන් නොමැතිව මියගිය අතර, ක්‍රි.පූ. 1292දී බලයට පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ Iවන රැම්සෙස්, දහනවවන රාජවංශයේ පළමු පාරාවෝවරයා ලෙස සැලකෙයි.
මෙම දකුණුපසින් දැක්වෙන උදාහරණය අමුන්ගේ දෙවන වක්තෘවරයා ලෙසත්, තීබ්ස්හි මුට් දෙවඟනගේ ප්‍රධාන පූජකවරයා ලෙසත් ආගමික බලතල ඉසිලූ ආයි නැමැති මිනිසකුගේ එකකි. ඔහු තුතන්ඛාමුන් සමයේ ප්‍රතිමාව ඉදිකරන කාලයේ සේවය කොට ඇත. ආයි රජුගේ කාටූෂ් මුදුවල ප්‍රතිමාවේ නිරූපිත තුතන්ඛාමුන්ගේ අනුප්‍රාප්තිකයාගේ රුව කලාශිල්පියකු විසින් ප්‍රතිමාව "නවීකරණයට" ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.[10]
XVIIIවන රාජවංශයේ කාලරේඛාව
[සංස්කරණය]පින්තූර ගැලරිය
[සංස්කරණය]-
අහ්මෝස්-නෙෆටාරි. අහ්මෝස්-නෙෆටාරි යනු හික්සොස්වරුනට එරෙහිව නැගී ආ 17වන රාජවංශයේ රජකු වූ IIවන සෙකෙනෙන්රේ ටාඕගේ දියණියයි. ඇගේ සොයුරා අහ්මෝස්, හික්සොස්වරුනව පන්නා දැමූ අතර ඇය එක්සත් ඊජිප්තුවේ රැජින බවට පත් විය. ඇගේ මරණින් පසු ඇයට දේවත්වයට ආරෝපණය කරන ලදී.
-
Iවන අහ්මෝස්. ඔහු 18වන රාජවංශයේ ආරම්භකයා ලෙස සැලකුණ ද, ඔහු සැබවින්ම 17වන රාජවංශයේ අවසාන පාරාවෝවරයා වූ කාමෝස්ගේ සොයුරායි. ඔහුගේ සමයේ, ඔහු විසින් හික්සොස්වරුන් පහළ ඊජිප්තුවෙන් පලවාහැරි අතර, නයිල් ඩෙල්ටාව සිය පාලනය යටතට ගෙන ඊජිප්තුව දේශපාලනය අතින් නැවත වරක් එක්සත් කළේ ය.
-
Iවන අමෙන්හොටෙප් සිය වැඩිමහල් සොයුරන් දෙදෙනාගේ මරණින් පසු රාජ්‍යත්වයට පත් විය. ඔහු අහ්මෝස් සහ අහ්මෝස්-නෙෆටාරිගේ පුත්‍රයායි. ඔහුගෙන් පසු ඔහුගේ දියණිය වූ අහ්මෝස්ව සරණපාවාගත් Iවන තුත්මෝස් සිහසුනට පත් විය.
-
Iවන අමෙන්හොටෙප් සිය මව වූ අහ්මොස්-නෙෆටාරි සමග. මෙම රාජකීයයන් දෙදෙනාම ඩෙයිර් එල්-මෙදිනාහි කම්කරු ගම්මානයක් ඇරඹීමට අනුග්‍රහය දක්වා ඇත. ඩෙයිර් එල්-මෙදිනාහි 18වන සිට 21වන රාජවංශ දක්වා රජුගේ නිම්නයේ පාරාවෝ සොහොන්ගැබ් නිර්මාණය කළ කලාශිල්පීන් සහ කම්කරුවන් ජීවත් වී ඇත. Iවන අමෙන්හොටෙප් සහ ඔහුගේ මව මෙම ගම්මානයේ ප්‍රධාන දෙවිවරුන් ලෙස සැලකිණි.
-
Iවන තුත්මෝස්. රණකාමී පාලකයකු වූ මොහු Iවන අමෙන්හොටෙප්‍ගේ සොයුරිය සමග විවාහ වීමෙන් බලයට පැමිණියේ ය. ඔහුගේ සමයේ ඊජිප්තුවේ දේශසීමා නුබියාව සහ නැගෙනහිර මධ්‍යධරණී පෙදෙස තෙක් විහිදිණි. ඔහු ගොඩනැගිලි ව්‍යාපෘති රැසකටම අනුග්‍රහ දැක් වූ අතර, ඉන් එකක් ලෙස කාර්නැක් දෙවොල සැලකෙයි.
-
දෙවන තුත්මෝස්ගේ රුව රැගත් දේවස්ථාන කැටයමක දළ සටහනක්. දුර්වල පාලකයකු ලෙස සැලකෙන මොහුව සිය සොයුරිය වූ හට්ෂෙප්සුට්හට විවාහ කොට දෙන ලදී. ඔහු හට්ෂෙප්සුට් සිහසුනට පත්වීම වැළකීමට සිය පුත්‍රයා වූ IIIවන තුත්මෝස් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම්කළේ ය. ඔවුනට නෙෆරුරේ නම් දියණියක ද විය.
-
හට්ෂෙප්සුට්. Iවන තුත්මෝස්ගේ දියණියයි, ඇය සිය සුළු පුත්‍රයා වූ IIIවන තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙන ගියා ය. නොබෝකලකින්ම සිහසුනට පත් ඇය, තමා පාරාවෝවරියක ලෙස ප්‍රකාශයට පත්කළා ය. ඇයට පෙර කාන්තා රාජ්‍ය පාලකවරියන් සිට ඇති මුත්, සංකේතාත්මක රැවුල භාවිතා කළ එකම තැනැත්තිය ඇයයි.
-
IIIවන තුත්මොසිස්, රණකාමියකු වූ මොහු තුත්මොසීය රාජකීය පෙළපතේ සාමාජිකයකු විය. මොහුව පොදුවේ "ඊජිප්තුවේ නැපෝලියන්" ලෙස හඳුන්වයි. ඔහුගේ ආක්‍රමණ නිසා ඊජිප්තු රාජ්‍යයයේ සීමා නැගෙනහිර මධ්‍යධරණි පෙදෙස දක්වා විහිදී එහි විශාලත්වයට පත් විය.
-
IVවන තුත්මෝස්.
-
නෙෆර්ටිටි රැජින. ආයිගේ දියණියයි, ඇය අක්නාටෙන් හා විවාහවූවා ය. මාලිගය තුළ ඇගේ චරිතය මහා රාජකීය බිරිඳ තනතුරේසිට හවුල්-පාලක තනතුරට පත් විය. සමහර විට ඇය පාරාවෝවරියක ලෙස නෙෆර්නෙෆරුආටෙන් යන නමින් ඊජිප්තුව පාලනය කළා විය හැකි ය.
-
මෙරිටාටෙන් රැජින, අක්නාටෙන් සහ නෙෆර්ටිටිගේ වැඩිමහල් දියණියයි. ඇය ස්මෙන්ඛ්කරේගේ බිරිඳවූවා ය. ඇය ද ඇතැම්විට පාරාවෝවරියක ලෙසින් ඊජිප්තුව පාලනය කරන්නට ඇතැයි සිතිය හැකි අතර, නෙෆර්නෙෆරුආටෙන් පාරාවෝවරිය ඇය විය හැකි බවට ද මත පවතී.
-
නෙෆර්නෙෆරුරේ සහ නෙෆර්නෙෆරුආටෙන් ටැෂෙරිට්. මෙහි ළමුන් ලෙස දක්වා ඇත, නෙෆර්ටිටි සහ අක්නාටෙන් සිටි දියණියන් සයදෙනාගෙන් දෙදෙනෙකි. සිය පියා සමග හවුල් පාලනයක් ගෙනගිය තැනැත්තිය නෙෆර්නෙෆරුආටෙන් ටැෂෙරිට් විය හැකි අතර, නෙෆර්නෙෆරුආටෙන් පාරොවෝවරිය ඇය බවට ද මත ඇත.
-
ස්මෙන්ඛ්කරේ, අක්නාටෙන්ගේ හවුල්-පාලකයකු වූ අතර, ඔහු ගේ මරණින් පසු රාජ්‍ය පාලනය කළේ ය. ස්මෙන්ඛ්කරේ යනු නෙෆර්ටිටි රැජිනගේ පුරුෂ වේෂයක් බවට විශ්වාස කෙරුණ ද, අද වන විටස්මෙන්ඛ්කරේ යනු පිරිමියකු බව පිළිගැනේ. ඔහු නෙෆර්ටිටි රැජිනගේ දියණිය වූ මෙරිටාටෙන් සමග විවාහ විය.
-
තුතන්ඛාමුන්, මුලින් තුතන්ඛාටෙන් ලෙස හැඳින්විණි. අක්නාටෙන්ගේ පුත්‍රයායි. පාරාවෝවරයා ලෙස, ඔහු විසින් ඊජිප්තුවේ පැරණි ආගම ස්ථාපනයට උත්සාහ ගත් අතර, අගනුවර අක්ටාටෙන්වලින් වෙනත් ස්ථානයකට රැගෙන යන ලදී.
-
ආයි, මොහු අක්නාටෙන් සහ තුතන්ඛාමුන්ගේ අමාත්‍යවරයකු ලෙස සෙව්යකළේ ය. ඔහු නෙෆර්ටිටි රැජිනගේ පියායි. තුතන්ඛාමුන්ගේ මරණින් පසු, ඔහුව භූමදාන කොට ආයි සිය මිණිපිරිය වූ අන්ඛෙසෙනමුන් සමග විවාහ වී රාජ්‍යත්වයට පත් විය.
-
ආයිගේ මරණින් පසු, හොරෙම්හෙබ් සිහසුනට පත් විය. සාමාන්‍ය වැසියකු වූ මොහු, තුතන්ඛාමුන් සහ ආයි යන දෙදෙනාටම අමාත්‍යවරයකු ලෙස සේවය කොට ඇත. හොරෙම්හෙබ් අමර්ණ යුගය හා සම්බන්ධව සිටි සියලුදෙනාට එරෙහිව ඩැම්නේෂීයෝ මෙමෝරියේ නීතියක් ස්ථාපනය කළේ ය. ඔහු නෙෆර්ටිටිගේ සොයුරියක වූ මුට්නොඩ්ජ්මෙට් සමග විවාහ වූ නමුත්, ඇය දරු උපතේ දී මියගියා ය. උරුමකරුවකු නොවූ හෙයින් ඔහු සිය අනුප්‍රාප්තිකයා ලෙස සිය අමාත්‍යවරයා වූ පරමෙසු පත්කළේ ය.
මේවාත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ කුහ්ර්ට් 1995: 186
- ^ ක්‍රිස්ටෝෆර් බ්‍රොන්ක් රැම්සේ ඇතුළු පිරිස, රේඩියෝකාබන්0බේස්ඩ් ක්රෝනොලොජි ෆෝ ඩයිනාස්ටික් ඊජිප්ට්, සයන්ස් 2010 ජූනි 18: වෙළුම. 328. අංක. 5985, පිටු. 1554–1557.
- ^ ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. ද ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, ලන්ඩන් 2004
- ^ රජුන්ගේ නිම්නයේ ස්ථාන
- ^ a b c d e f g ග්‍රැටෙජ්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයරොග්ලිෆික් ඩික්ෂනරි, ගෝල්ඩන් හවුස් ප්‍රකාශන, ලන්ඩන්, 2005, ISBN 978-0954721893
- ^ ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටු 122
- ^ ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 130
- ^ ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 142
- ^ a b ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 143
- ^ "බ්ලොක් ස්ටැචූ ඔෆ් ආයි". http://www.brooklynmuseum.org/opencollection/objects/3752/Block_Statue_of_Ay#.
{{cite web}}
:|access-date=
requires|url=
(help); Check date values in:|accessdate=
(help); External link in
(help); Missing or empty|website=
|url=
(help)
ග්‍රන්ථ නාමාවලිය
[සංස්කරණය]- කුහ්ර්ට්, ඇමේලී (1995). The Ancient Near East: c. 3000–330 BC. ලන්ඩන්: රූට්ලෙජ්. ISBN 9780415013536.
බාහිර සබැඳි
[සංස්කරණය]- හට්ෂෙප්සුට්: රැජිනක සිට පාරාවෝවරියක දක්වා, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශන නාමාවලිය (මාර්ගස්ථව PDF ගොනුවක් ලෙස ලබාගත හැක)
පූර්වප්‍රාප්තිකයා දාහත්වන රාජවංශය |
ඊජිප්තුවේ රාජවංශය ක්‍රි.පූ. 1549–1292 |
අනුප්‍රාප්තික දහනවවන රාජවංශය |